Trending Newsඑසැන පුවත්දේශීය

විජේරාම නිල නිවසට, මහින්ද සමුදීම ගැන, නාමල් තැබූ සටහන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමට අදාළව, ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ‍රාජපක්ෂ මහතා ‘X’ ගිණුමෙහි සටහනක් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, සියල්ල ආරම්භ වූ ස්ථානයට සිය පියා නැවත පැමිණි බවය.

එමෙන්ම සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු හෝ වරප්‍රසාද මත නොව ජනතාවගේ ආදරයෙන් බවද එහි සඳහන්.

එම සටහන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් නික්මගොස් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට පැමිණියේය.

ඒ ‘ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනතේ’ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමගය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී වූහ.

Related posts

Stringent measures to prevent health hazards in Meethotamulla area

Mohamed Dilsad

අළුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වන්න

Mohamed Dilsad

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

Leave a Comment