Trending Newsඑසැන පුවත්දේශීය

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්නගතයි…!

ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තුව පිළිබඳ සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

එහිදී අදහස් දැක් වූ හර්ෂ ද සිල්වා මහතා, මෙසේ ද කිවෙිය. මම දන්න විදියට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මූලික ප්‍රශ්නය තමයි ස්වාධීන කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. යමෙක්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ ස්වාධීන බවක් නැත්නම් එතන කොතනද ස්වාධීන බව තියෙන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. මේගොල්ලන්ට තියෙනවා බලය කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ඒ නිසා අවශ්‍ය කාර්යමණ්ඩලය කවුද…? ඒක පත්කරන්න”

එහිදී අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසා ඇත්තේ, කොමිෂන් සභාව සඳහා ආවේණික කාර්ය මණ්ඩලයක් සකස් කිරීමට තිබුණද, වසර 2කට ආසන්න කාලයක් ගතවුවද තවමත් එය සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවය.

මෙහිදී අදහස් දැක් වූ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතා පවසා සිටියේ, හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළ කරුණු අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවය.

Related posts

චීන ගිනිඅවියක් හා ජීව උණ්ඩ සමග කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Weather Report for 16th January 2017

Mohamed Dilsad

Registration cost of new private companies reduced

Mohamed Dilsad

Leave a Comment