දේශීය

අද හෙටම දේශපාලන පෙරළියක් ?

රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා දේශපාලන ඉල්ලීමක් සිදු කරන්නේ නම් සංවිධානගතව සහාය ලබාදීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

 

ඊට පක්ෂය සූදානම් නොවන්නේ නම් පමණක් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

 

දැන් පෝලිම් තිබෙනවා ද?. නැහැ. විදුලිය කපනවා ද?.. නැහැ. අපිත් දකිනවා.. පාරිභෝගිකයාත් කියනවා.

 

“තනියම ආණ්ඩුවට එකතු වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉස්සෙල්ලාම ජනාධිපති සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ ඉල්ලීම කරලා ඒකත් අහන්නේ නැත්තම්.. එතනදි අපිට තීන්දුවක් ගන්න පුළුවන් කණ්ඩායම් වශයෙන්.”

 

අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

 

“මම නම් කියන්නේ නැහැ. ඒ අය පෞද්ගලිකව හමුවූ වෙලාවල් කියවෙනවා. සජබෙන් සැලකියයුතු පිරිසක් එකතු වෙයි. එන්න කියන මොහොතක එන ලකුණු තියෙන්නේ. අනිවාර්යයෙන් එනවා.”

Related posts

ගැබිණි මව්වරුන්ගේ ගැටළු විසඳා ගැනීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

තවත් පාතාල වෙඩික්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රටේ ප්‍රශ්න විසඳන තුරු කිසිදු දේශපාලකයෙකුට අද සිට VIP සේවා නෑ

Mohamed Dilsad

Leave a Comment