දේශීය

ගැබිණි මව්වරුන්ගේ ගැටළු විසඳා ගැනීමට දුරකථන අංකයක්

(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ගැබිණි මව්වරුන්ට 071 0301225 යන දුරකථන අංකය ඔස්සේ සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය පවසන්නේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවය යටතේ විශේෂඥ වෛද්‍යවරුන්ට ගැටලු සඳහා පිළිතුරු ලබා දීමට මෙන්ම අවශ්‍ය යොමු කිරීම් සිදු කිරීම සඳහා මැදිහත් වනු ඇති බවයි.

Related posts

21 වන සංශෝධන යෝජනාවක් කථානායකට භාරදෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වැටලීමකදී 61දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හරක් කටා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය වේ…!

Editor O

Leave a Comment