Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකට, සභානායකට එරෙහිව අර්චුනා ජිනීවා යයි…!

පාර්ලිමේන්තුවේ තමාට කතා කිරීමට අවස්ථාව ලබා නොදීමට එරෙහිව කථානායකවරයාට සහ සභානායකවරයාට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ප්‍රකාශ කළේය..

කථානායක ජගත් වික්‍රමරත්නට සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා, ලබන සතියේ ජිනීවා බලා පිටත්ව යන බව හෙතෙම කීවේය.

මාර්තු 19 වෙනිදා සිට මැයි 09දා දක්වා මාස එකහමාරකට ආසන්න කාලයක් තමාට පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාව නොලැබුණු බවත් කිසිදු හේතුවක් නොමැතිව තමාගේ කතා කිරීමේ නිදහසට බාධා එල්ල කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සභානායක බිමල් රත්නායක මහතාගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තමාට පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාවක් ලබා නොදීමට කතානායකවරයා තීරණය කළ බව පවසන රාමනාදන් මහතා එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පවා පටහැනි බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

තමන්ට සිදුව ඇති මෙම අසාධාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළ ද රාමනාදන් අර්චුනා මහතා වැඩිදුරටත් පැවසීය

Related posts

Traffic Congestion Reported in Maradana

Mohamed Dilsad

2030ம் ஆண்டளவில் கூட்டுறவுத்துறை புதிய யுகம் படைக்கும்

Mohamed Dilsad

7 விக்கெட் வித்தியாசத்தில் வெற்றியை ருசித்த சென்னை…

Mohamed Dilsad

Leave a Comment