Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව සවන් නොදෙන්නේනම් ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය ඇරඹීමට ලංවීම සූදානම්…!

විදුලිබල මණ්ඩල සේවක ඉල්ලීම් වලට ආණ්ඩුව සාධනීය පුතිචාර නොදක්වන්නේ නම් ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනයකට යැම නොවැළක්විය හැකි යැයි ලංවීම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිය මහතා පැවැසිය.

එසේ වුවහොත් ජනතාවට සිදුවන අපහසුතා, ආර්ථික වශයෙන් සිදු විය හැකි පාඩුවල වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

ගැටලුවලට විසඳුම් ලබාදීමට අවස්ථාව ලබා දුන්නත් ආණ්ඩුව එය මග හැර හිතුවක්කාර ගමනක් යන බව ද පැවැසීය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයට ආණ්ඩුව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බැවින් මේ සති අන්තයේ ලබාදීමට නියමිත ඇතැම් සේවා අඩපණ විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

සේවක වප්‍රසාද පෙන්වා විදුලිය ගාස්තු වැඩි කිරීමට මණ්ඩලය සුදානම් වන බවත් සේවකයන් කිසි විටෙක ගාස්තු වැඩි කිරීමක් පිළිබඳ ඉල්ලීමක් කර නැති බවත් නැවත ගාස්තු වැඩි කිරීමකට යෑම විදුලි බල වෘත්තීය සමිතිවල දැඩි විරෝධය පළකරන බවත් කෝසල අබේසිංහ මහතා පැවැසීය.

– අනුර බාලසූරිය

Related posts

කොරෝනා රෝගය ඇතැමුන්ට ඉබේට සුව වෙනවා -සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

Mangala to visit Sweden at the invitation of Swedish counterpart

Mohamed Dilsad

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

Leave a Comment