Trending Newsඑසැන පුවත්දේශීය

මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරු පිරිසකට ස්ථාන මාරු

මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

සැප්තැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දි ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන්ය.

මෙම ස්ථාන මාරුවීම් යටතේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහර මහෙස්ත්‍රාත් අධිකරණයටත්, මහර මහෙස්ත්‍රාත් එච්.ජි.ජේ.ආර්. පෙරේරා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කර ඇති බව වාර්තා වේ.

ගාල්ල මහෙස්ත්‍රාත් අයි.එන් එන් කුමාර ගමගේ මහතා කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙසත් කුරුණෑගල මහෙස්ත්‍රාත් එන්.ඩී.ගුණරත්න මහතා, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරයා ලෙසත් මාරු කර යවා තිබේ.

කොළඹ අතිරේක ම‌හෙස්ත්‍රාත් පි.එස්.පතිරණ මහත්මිය බලපිටිය මහෙස්ත්‍රාත්වරයා ලෙසත්, බලපිටිය මහෙස්ත්‍රාත් ආර්.ඩී.ජනක මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ලෙස මාරු කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

ඊට අමතරව මෙම ස්ථාන මාරුවීම් යටතේ අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ 17 දෙනෙකු මහෙස්ත්‍රාත්වරු, අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇති බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් පස්දෙනෙකු රැගෙන ඒමට අද සිට අවසර

Mohamed Dilsad

VIP Assassination Plot: Nalaka de Silva further remanded

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර වි⁣ශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment