දේශීය

පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් පස්දෙනෙකු රැගෙන ඒමට අද සිට අවසර

(UTV | කොළඹ) – කටුනායක ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් පස්දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) සිට අවසර ලබා දී තිබේ.

මෙහිදී එම මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ වලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්ය බව ද විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

Related posts

මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය අද

Editor O

විරැකියා අනුපාතය අඩුවෙයි…..

Editor O

අනුරාධපුර බැංකුවක් අසල වෙඩි හුවමාරුවක්

Mohamed Dilsad

Leave a Comment