Trending Newsඑසැන පුවත්දේශීය

නේපාලයේ කත්මණ්ඩු දක්වා ගුවන් ගමන් යළි අරඹයි

වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමත් සමගම ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය අද (11) උදෑසන 08.15 ට කටුනායක ගුවන්තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ සඳහන් කරයි..

එම ගුවන් යානය අද දහවල් 11.41 ට නේපාලයේ කත්මණ්ඩු නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිත අතර එම ගුවන් යානය යළිත් එරට සිටින ගුවන් මගීන් රැගෙන අද පස්වරු 04.40 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන අතර එම ගුවන් ගමන් සෑම සතියකම දින 04 ක් , එනම් ඉරිදා, සදුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින වල ක්‍රියාත්මක වේ.

නේපාලයේ පැවති අරගලකාරී තත්ත්වය මත එරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමත් සමග ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ඊයේ (10) දින අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියවර ගෙන තිබුණි.

ඒ අනුව ඊයේ උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතිරික්ත ගුවන් මගීන් 35 දෙනෙකුට නවාතැන් සහ හෝටල් පහසුකම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබා දී තිබේ.

Related posts

நைஜீரியாவில் புத்தாண்டு பிரார்த்தனை முடிந்து வீடு திரும்பியவர்கள் மீது துப்பாக்கி சூடு

Mohamed Dilsad

Indictment served on Avant-Garde, Rakna Lanka and 9 accused

Mohamed Dilsad

Special traffic plan in Maligawatta today

Mohamed Dilsad

Leave a Comment