Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය පැවැත්වීමට වත්මන් පාර්ශ්වයට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැහැ – දයාසිරි ජය⁣සේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය පැවැත්වීමට වත්මන් පාර්ශ්වයට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි..  

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

දයාසිරි ජයසේකර මහතා පෙන්වාදෙන්නේ වත්මන් වැඩපිළිවෙළ මෙහෙයවන නිමල් සිරිපාල ද සිල්වා සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් නීත්‍යානුකූලව පක්ෂයේ තනතුරු සඳහා පත් වූවන් නොවන බවයි.

ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට සහයෝගය දක්වමින් ඇමතිකම් ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අල්ලාගෙන සිටින පිරිසක් බවත් පක්ෂ සංවත්සරයක් පැවැත්වීමට හෝ එයට නායකත්වය ලබා දීමට ඔවුන්ට කිසිදු අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බවට අධිකරණ තීන්දු දෙකක් දැනටමත් තිබෙන බවට පෙන්වාදුන් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, මෙම තීන්දු තිබියදී පවා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නව නායකයින් පත් කර ඇති බව‍යි.

මෙම නීති විරෝධී ක්‍රියාවලිය හරහා පක්ෂයේ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කර නාස්ති කර ඇති බවටද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Related posts

ජවිපෙ පැලවත්ත පක්ෂ කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

Editor O

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට ට

Editor O

බීමතින් කැලණි ගඟේ නෑමට ගිය තරුණයා අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment