Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාරයේ සිටින රාජිත අල්ලස් කොමිෂමට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා හිටපු අමාත්‍යවරයා පසුගිය (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබියදී ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදිනම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටද ඉදිරිපත් කෙරුණු අතර එහිදී එළඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සේනාරත්න මහතා ධීවර ඇමතිව සිටි සමයේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කැබිනට් අනුමැතියකින් තොරව කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

Related posts

Mathews set to return to first-class cricket after long injury layoff

Mohamed Dilsad

It’s Weird: Harry Styles on being called sex symbol

Mohamed Dilsad

පාසල් දරුවන්ව උණුසුම් කාළගුණයෙන් වළක්වා ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment