Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීමට පුනරුදය උදාවෙයි….! : 2025 ජුනි මාසයේ අලාබය බිලියන 13ක්

2025 වසරේ ජූනි ගිණුම් වාර්තා අනුව ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 13.16 ක මූල්‍ය අලාභයක් වාර්තා කර ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විදුලිබල මණ්ඩලය විසින් ලබා දුන් තොරතුරුවලට අනුව, මෙම පාඩුව සිදුව ඇත්තේ විදුලි බිල අඩු මිලකට පාරිභෝගිකයන්ට ලබා දීම නිසා බව සඳහන් වේ.

කෙසේ වෙතත් එම වාර්තාවට අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු කිසිදු ආයතනයකට විදුලිබල මණ්ඩලය කිසිදු ණයක් ගෙවිය යුතු නැත.

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 1,800 ඉක්මවූ පාඩුවක් වාර්තා කර තිබිණි.

2024 මාර්තු කාර්තුවේදී වාර්තා කළ රුපියල් කෝටි 8,400කට වැඩි ලාභයට සාපේක්ෂව, මෙය ලාභදායිත්වයේ සියයට 121.8ක පහත වැටීමක් පෙන්නුම් කරයි.

Related posts

පොත් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය [GAZETTE]

Mohamed Dilsad

සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

Leave a Comment