Trending Newsඑසැන පුවත්දේශීය

එජාප 79 වෙනි පක්ෂ සංවත්සරය කල් දමයි

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ (2)තීරණය කර තිබේ..

කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය..

මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවේ එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළඹිනැයිද එජාප මහ ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. .

Related posts

கிளிநொச்சியில் காற்றினால் தூக்கி வீசப்பட்டது முன்பள்ளிக் கூரை

Mohamed Dilsad

நாட்டின் சில பகுதிகளுக்கு 15 மணி நேர நீர்வெட்டு

Mohamed Dilsad

“The Suicide Squad” characters revealed

Mohamed Dilsad

Leave a Comment