Trending Newsඑසැන පුවත්දේශීය

අවුරුද්දකට ඇප ගන්න බැරි වෙන්න තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

වසරක පමණ කාලයක් ඇප නොදී රක්ෂිත බන්ධනාගාරගත කළ හැකි පනතකින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එසේ කිරිම හරහා තමන් ආණ්ඩුව සම්බන්ධයෙන් කරන විවේචනයන් වසරක කාලයක් සඳහා නවත්වා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඔහු මේ බව සඳහන් කරයි.

ගම්මන්පිල මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ට, පසුගියදා දැනුම් දී ඇත..

CID නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2025 අගෝස්තු 12 වැනි දින ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි

.එම පැමිණිල්ලේ සඳහන් වූයේ, අදාළ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා විවිධ ප්‍රජාවන් අතර අසමගිය ඇති කළ හැකි ප්‍රකාශ සිදු කර ඇති බවයි.

මෙම ප්‍රකාශ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) 3(1) වගන්තිය හෝ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ වරදක් වනවාද යන්න තීරණය කිරීම සඳහා මෙම පරීක්ෂණය සිදු කරන බව CID අධිකරණයට දැනුම් දී තිබේ.

Related posts

Basil Rajapakse seeks to transfer trial

Mohamed Dilsad

Stacey Abrams to become the first black female US Governor?

Mohamed Dilsad

“ඥානසාර හිමිට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරන්න” – ACMC [VIDEO]

Mohamed Dilsad

Leave a Comment