Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රුසියා ජනාධිපති ඉන්දියාවට ..!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් රුසියානු රජය තහවුරු කර තිබේ.

ඒ අනුව රුසියානු ජනාධිපති කාර්යාලය පවසන්නේ ජනාධිපතිවරයා එළඹෙන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණෙන බවයි. රුසියාව සමග පවත්වන සබඳතා හෙළා දකිමින් අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට දැඩි තීරු බදු පනවා ඇති පසුබිමක් තුළ රුසියාව මෙලෙස ඔවුන්ගේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනය කර තිබේ. මේ අතර ලබන සඳුදා රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සිදුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීනයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම රුසියානු ජනාධිපතිවරයා ද චීනයට පැමිණීමට නියමිතයි..

Related posts

ලොහාන් රත්වත්තට තවත් රාජ්‍ය ඇමති කමක්

Mohamed Dilsad

கால நேரம் நீதிமன்றங்களில் ஏறி இறங்கியே கழிகின்றது…

Mohamed Dilsad

Rajasinghe Central and Azhar College win on first innings

Mohamed Dilsad

Leave a Comment