Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රුසියා ජනාධිපති ඉන්දියාවට ..!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් රුසියානු රජය තහවුරු කර තිබේ.

ඒ අනුව රුසියානු ජනාධිපති කාර්යාලය පවසන්නේ ජනාධිපතිවරයා එළඹෙන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණෙන බවයි. රුසියාව සමග පවත්වන සබඳතා හෙළා දකිමින් අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට දැඩි තීරු බදු පනවා ඇති පසුබිමක් තුළ රුසියාව මෙලෙස ඔවුන්ගේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනය කර තිබේ. මේ අතර ලබන සඳුදා රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සිදුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීනයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම රුසියානු ජනාධිපතිවරයා ද චීනයට පැමිණීමට නියමිතයි..

Related posts

சட்டவிரோத துப்பாக்கிகளை கைப்பற்றுவதற்கு நடவடிக்கை

Mohamed Dilsad

போலந்தை நாட்டைச் சேர்ந்த சிறுமியின் உருக்கமான கடிதம்…

Mohamed Dilsad

Navy arrests 11 Indian fishermen for engaging in illegal fishing in Lankan waters

Mohamed Dilsad

Leave a Comment