Trending Newsඑසැන පුවත්දේශීය

පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය නොකිරීමේ තීරණයක්…?

පේරාදෙනිය සහ මහනුවර අතර පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් නිසා සැප්තැම්බර මස 05-06-07 යන දිනවල දුම්රිය දෙකක් පේරාදෙනිය සහ මහනුවර අතර ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි..

ඒ අනුව 1022 ටිකිරි මැණිකේ දුම්රිය මීට පෙර ධාවනය කර ඇත්තේ නානුඔය – පේරාදෙනිය හරහා කොළඹ කොටුව දක්වාය.

.

එම දුම්රිය සැප්තැම්බර් 05-06-07 යන දිනවල පේරාදෙනියෙන් පෙ.ව. 11.05 ට කොළඹ බලා පිටත් වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට පෙර කොළඹ කොටුව සිට පේරාදෙනිය – මහනුවර , මහනුවර – පේරාදෙනිය හරහා බදුල්ල දක්වා ධවනය වූ දුම්රිය අදාල දිනවල ධාවනය කෙරෙන්නේ කොළඹ කොටුව – පේරාදෙනිය සහ බදුල්ල දක්වාය. .

මෙම දුම්‍රියව්ලින් ගමන් පහසුකම් සලසා ගැනීම සදහා මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගීන්ට බස් රථ මගින් පේරාදෙනිය දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන පහසුකම් සලසා දී තිබේ. .

එම දුම්රිය දෙකේ පැමිණෙන ගමනාන්ත දුම් රිය ස්ථානය මහනුවර වූ මගීන්ට පේරාදෙනියේ සිට මහනුවර දක්වා ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මීට අමතරව බදුල්ලේ සිට පැමිණෙන උඩරට මැණිකේ දුම්රිය අදාල දිනවල පේරාදෙනියට ප.ව. 12.59 ට පැමිණ විනාඩි 32 ක කාලයක් පේරාදෙනිය දුම්රිය ස්ථානයේ නවතා තබනු ඇත.

එම දුම්රිය ප.ව. 1.30 ට පේරාදෙනිය දුම්රිය ස්ථානයෙන් මහනුවර දක්වා ධාවනය කර නැවත මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

Related posts

ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

Mohamed Dilsad

මේ වසර අග වන විට IMF ණය පහසුකම ලැබේවි

Mohamed Dilsad

No scheduled visit to India by President in the near future

Mohamed Dilsad

Leave a Comment