දේශීය

මේ වසර අග වන විට IMF ණය පහසුකම ලැබේවි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපේක්ෂිත ණය පහසුකම මේ වසරේ අග වනවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

බ්ලූම්බර්ග් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

බාහිර ණයහිමියන් සියල්ල ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණ ක්‍රමෝපාය සඳහා එකඟ වන්නේ නම් ඉදිරි මාස තුන හෝ හතර තුළ ණය ලබා ගත හැකි බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව තත්ත්වය කළමනාකරණය කළ හැකි බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related posts

ළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කරලා

Mohamed Dilsad

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

Mohamed Dilsad

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

Leave a Comment