දේශීය

අද දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (23) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

A සිට L දක්වා සහ P සිට W දක්වා පස්වරු 1 සිට රාත්‍රී 10 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව M,N,O,X,Y,Z කලාප සඳහා පෙරවරු 5.30 සිට උදෑසන 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

එසේම CC කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි මිනිත්තු 30කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Demand Management Schedule … by Mahesh Liyanage

Related posts

සපුගස්කන්ද යළි වැසීයෑමේ දැඩි අවදානමක්..

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙදරට ගෙනැත් දෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි.

Editor O

මනූෂගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ⁣කල් යයි

Editor O

Leave a Comment