දේශීය

මංගල උත්සවයේ ගැටුම දුරදිග යයි – අයෙක් මරුට පහකට තුවාල

අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී ඊයේ (17) රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් අයෙක් මියගොස් තවත් 5දෙනෙක් රෝහල් ගත කර තිබේ.

 

මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර බටගොඩ වෙල්යායක තිබී අද අලුයම සොයාගත් බව පොලීසිය පැවසීය.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචිව සිටී මංගල ප්‍රේමවර්ධන නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

 

සිද්ධියෙන් තුවාල ලැබූ දෙපිරිසේම පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ, නාගොඩ හා හොරණ රෝහල් වල ප්‍රතිකාර ලබයි.

 

බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස් වීමක්

දුරදිග ගොස් බටගොඩ හන්දියේ දී මෙම ගැටුම හටගෙන තිබූ බව පොලීසිය කීය.

 

සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

 

අඟුරුවාතොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

දේශබන්දු පොලිස්පති ධුරයට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද…? පෙත්සම් විභාගයට දින නියම කෙරේ

Editor O

තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනෙක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

Mohamed Dilsad

Leave a Comment