දේශීය

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

නැප්තා ඉන්ධන නොලැබීම හේතුවෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය අද (12) මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

 

නැප්තා ලබාගැනීමට අවශ්‍ය මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අද දිනය තුළදී ලබාදීමට නොහැකි වුවහොත් බලාගාරයේ ජනන කටයුතු නැවතීමේ අවදානමක් මතුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාද අද පස්වරුවේ තහවුරු කළේය.

 

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවයක් සපයනු ලබයි.

 

අඩු මිලට විදුලිය නිපදවිය හැකි නැප්තා ඉන්ධන මෙම බලාගාරය සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබානොදීම හේතුවෙන් එය අද මධ්‍යම රාත්‍රියේ අක්‍රිය විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පැවසීය.

 

මේ වනවිට නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක්ද ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් දෛනිකව අහිමිවී තිබේ.

 

එවන් පසුබිමක කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයද අක්‍රිය වුවහොත් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 435කි.

 

Related posts

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල කඩ සාප්පු අද ඇරේ

Mohamed Dilsad

රංජන් යලිත් රිමාන්ඩ්

Mohamed Dilsad

රටවල් 6ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment