Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් යළි පාර්ලිමේන්තුවට….?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක් අයෙකු ඉල්ලා අස්වනු ඇති බවද හෙතෙම පැවසීය.

ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා කවුරුන්දැයි එම පෙරමුණේ ප්‍රධානීන් විසින් තීරණය කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

සිලින්ඩරයට ඡන්ද ලක්ෂ 20ක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදුන් ඡන්ද තමයි. මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු 2ක් ලැබුණෙත් සිලින්ඩරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය ලබාදුන් නිසයි. ඔහු මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දුන් පුද්ගලයෙක්. මේක ඔහුට සුදුසුම වෙලාව පාර්ලිමේන්තුවට එන්න. දැන් පාර්ලිමේන්තුව ඉබාගාතේ යන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ සිටීම අවශ්‍යයි.”

Related posts

கர்ப்பத்தின் பிறகு நிச்சயதார்த்தம் செய்த நடிகை

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාධිතයන් දස දෙනෙක් – සමස්ථ සංඛ්‍යාව 142 දක්වා ඉහළට

Mohamed Dilsad

Saudi Arabia signs $20bn in deals with Pakistan

Mohamed Dilsad

Leave a Comment