Trending Newsඑසැන පුවත්දේශීය

රාජිතගෙන් මහාධිකරණයට පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.

එමෙන්ම රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කළත් එම නියෝගය නිකුත් නොකළ මහාධිකරණය වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන්ය.

සැකකාර රාජිත සේනාරත්න මහතාට හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසියට අදාළව ඔහු හෙට දින අනිවාර්යයෙන්ම එම අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 10 වන දා කැඳවීමට ද නියම වුණි.

Related posts

Govt. to recruit retired railway Officials

Mohamed Dilsad

கொரியாவில் அமைதியை நிலைநாட்ட அமெரிக்கா மகிழ்ச்சியுடன் வாய்ப்பளிக்க வேண்டும்

Mohamed Dilsad

මෙරටට රැගෙන ආ කහ තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment