රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පස්වරුවේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ. ඒ සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පෙරවරුවේ පැමිණි වික්‍රමසිංහ මහතාව ඊයේ දහවල් වනවිට අත් අඩංගුවට ගැනුණු අතර ඊයේ රාත්‍රී 10.00 ට පමණ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලදී.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන පැමිණි ඒ මහතාව වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබිණි.
