Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලට මාරු කරයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පස්වරුවේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ. ඒ සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පෙරවරුවේ පැමිණි වික්‍රමසිංහ මහතාව ඊයේ දහවල් වනවිට අත් අඩංගුවට ගැනුණු අතර ඊයේ රාත්‍රී 10.00 ට පමණ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලදී.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන පැමිණි ඒ මහතාව වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබිණි.

Related posts

මෙරට මුදල් රැගෙන ගිහින් විදේශ රටවල්වල සමාගම් ආරම්භ කළ අය සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

තවත් නව දේශපාලන සන්ධානයක්

Mohamed Dilsad

அல்ஜீரியாவின் ஜனாதிபதி இராஜினாமா?

Mohamed Dilsad

Leave a Comment