Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට මුදල් රැගෙන ගිහින් විදේශ රටවල්වල සමාගම් ආරම්භ කළ අය සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

මෙරට මුදල් රැගෙන ගොස් බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්වල සමාගම් ආරම්භ කළ පුද්ගලයන් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.

පසුගිය පාලන සමයේදී මේ ගැන පරීක්ෂණයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කළ නමුත් මේ වනතෙක් එය සිදු කර නැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම්  අවසන්  ප්‍රතිලාභියා කවුදැයි මාස හයක් ඇතුළත රජයට දැනුම් දිය යුතු බව ද හෙතෙම කීවේය.

සමාගම් පනතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම් මාස හයක් ඇතුළත ඔවුන්ගේ මෙහෙයවන්නා හසුරවන්නා, අවසන්  ප්‍රතිලාභියා කවුදැයි රජයට දැනුම් දිය යුතු බවත්, වත්කම් සඟවන තැනැත්තන්ගේ වත්කම් හෙළි කිරීමට මේ පනත මගින් නීතිමය පසුබිම සැලසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. “අප රටේ සමාගම් හරහා සිදුවන වංචා දූෂණ ගැන විවිධ කතා අහන්න ලැබෙනවා. ඒ නිසා අපි මෙ සංශෝධන සිදු කෙරෙනවා.ගෙවල් වල ඉන්න රියැදුරු මහතුන්ගේ නමින් ද කොම්පැනි ගත්ත ඉතිහාසයක් තිබෙනවා.එමෙන්ම මුදල් විශුද්ධිකරණය ගැන කතා අප අසා තිබෙනවා.

ඩේසි ආච්චිගේ කතාවත් ඒ වගේ එකක්.මුදල් රැස් කරන මාර්ග කියන්න බැරි වුනාම අහක ඉන්න කෙනෙක් අල්ලනවා.ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳවත්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනුත් අපි කටයුතු කරනවා. අපට ලෝකයේ මූල්‍ය ආයතනය සමඟ ගනුදෙනු  කරද්දී ඇතිවන බාධා වැළැක්වීමත් මේ සංශෝධනයේ අරමුණක්” යැයිද අමාත්‍යවරයා කීවේය.

Related posts

Russian national dies in Hikkaduwa

Mohamed Dilsad

ஜனாதிபதி மைத்திரிபால சிறிசேன சற்று முன்னர் மேற்கொண்டுள்ள தீர்மானம்…(UPDATE)

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment