Trending Newsඑසැන පුවත්දේශීය

බොරැල්ලේ මාර්ගයක් ගිලා බසී

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ, මේ හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසය.

ඒ අනුව විකල්ප මාර්ග,

  • මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල් ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසිය හැක.
  • රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.
  • කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස් සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජවර්ධනපුර මාර්ගයට පිවිසිය හැක.

Related posts

Thousands march in US for LGBT rights under Trump

Mohamed Dilsad

නව ජනපති දළදා වහන්සේ වැඳ පුදා ගනී [VIDEO]

Mohamed Dilsad

අඩු බර පාන් අලෙවි කරන්නන් සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment