දේශීයප්‍රමුඛ පුවත 1

නව ජනපති දළදා වහන්සේ වැඳ පුදා ගනී [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) පළමුවරට මහනුවර දළදා මාළිගය වැඳ පුදා ගත්තේය.

නව ජනධිපතිවරයා දැක බලා ගැනීමට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත විශාල ජනතාවක් පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.

ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතය.

එසේම නව ජනාධිපතිවරයා අද පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැකීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ හිටපු OIC ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්

Editor O

“New Diamond” ගොඩබිමෙන් මුහුදු සැතපුම් 35 ක් ඈතට

Mohamed Dilsad

Leave a Comment