Trending Newsඑසැන පුවත්දේශීය

මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ පත්කරයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්ව තිබේ.

ඒ අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඡන්ද විමසීමේ දීය.

එහිදී නිලවරණය සඳහා අපේක්ෂකයින් 20 දෙනෙකු පමණ තරග වැදුණු අතර, ඉෂාන් සංඛ මාපිටිගම මහතා සහ ජයසිංහ බණ්ඩාර මහතා අතර පැවති තරගයෙන් ඡන්ද 6ක් හිමිකර ගනිමින් ඉෂාන් සංඛ මහතා තේරී පත්වුණි.

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරට තරුණයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වේ

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

Mohamed Dilsad

කළුතර නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment