Trending Newsඑසැන පුවත්දේශීය

මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ පත්කරයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්ව තිබේ.

ඒ අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඡන්ද විමසීමේ දීය.

එහිදී නිලවරණය සඳහා අපේක්ෂකයින් 20 දෙනෙකු පමණ තරග වැදුණු අතර, ඉෂාන් සංඛ මාපිටිගම මහතා සහ ජයසිංහ බණ්ඩාර මහතා අතර පැවති තරගයෙන් ඡන්ද 6ක් හිමිකර ගනිමින් ඉෂාන් සංඛ මහතා තේරී පත්වුණි.

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරට තරුණයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වේ

Related posts

திரிபீடகம் தேசிய மரபுரமையாக பிரகடனம்-பௌத்த கொடியை பறக்க விடுமாறு கோரிக்கை

Mohamed Dilsad

சூரிய சக்தி அதிகார சபைக்கு புதிய கட்டடம்

Mohamed Dilsad

සමගි ජන බලවේගයට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment