දේශීය

පොලිසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ ) – පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදිය.

සේවයේ අවශ්‍යතාවය පරිදි මෙම නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ඒ අනුව මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා සුබසාධක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් අධිකාරීවරු සිව් දෙනෙකුට, එක් කාන්තා පොලිස් අධිකාරිවරියකට හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

 

Related posts

වැඩියෙන් අය කල ජල බිල්පත් ගැන විධිමත් තීරණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරඟය අද

Editor O

පාස්කු නඩුවෙන් රිෂාඩ් බදියුදීන් නිදහස්

Mohamed Dilsad

Leave a Comment