දේශීය

හදිසි ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවිමක්

(UTV |කොළඹ ) – දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සඳහා මිල ගණන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කරයි.

මෙම ටෙන්ඩරය 2020 අප්‍රේල් මස 15 දින පස්වරු 2.00 ට විවෘත කිරිමට නියමිතයි.

මිල ගණන් කැඳවීමේ නිවේදනය හා අදාල සියලු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බව සියලුම සැපයුම්කරුවන්ට දැනුම් දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දෙයි.

Related posts

ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක්

Mohamed Dilsad

ලාෆ් ගෑස් ගැන දැනුම් දීමක්

Editor O

ඉටුකම ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment