දේශීය

ඉටුකම ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවයි

(UTV | කොළඹ) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවා තිබේ.

“Drive in Concerst” ප්‍රසංගයේ ප්‍රවේශපත් අලෙවියෙන් ලද මුදල් එකතුව භාතිය සංතුෂ් ගායක දෙපළ ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය විසින් අද (08) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබිණ.

මීට අමතරව ව්‍යාපාරිකයන් ඇතුළු රැසක් මෙම අරමුදලට සිය දායකත්වය සපයනු ලැබීය.

මේ වන විය ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,250,306,569.16 කි.

චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.

දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට අවස්ථාව සලසා ඇත.

Related posts

පොසොන් පෝය නිමිත්තෙන් සිරකරුවන් 289ක ට සමාව

Editor O

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

විමල් වීරවංශට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment