දේශීය

උසස් පෙළට පෙනී සිටි සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) –  උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇත.

ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලට ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ඉහත වර්ෂයන්හි උසස් පෙළ සමත් සිසුන් වෙත ජුනි මස 9, 10, 11, 12, 15, 16 යන දිනයන්හි පාසල් වේලාව තුළ අයදුම්පත් සහතික කරදීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් විදුහල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

රට තුළ පවත්නා වත්මන් තත්ත්වය හමුවේ විදුහල්පතිවරුන් මගින් අයදුම්පත් සහතික කරවාගැනීමට බොහෝ සිසුන් අපොහොසත් වී ඇති බැවින් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාගෙන් සිදුකර ඇති ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.

 

Related posts

කොළඹ මහ නගර සභ අයවැය මාලිමාව දිනයි

Editor O

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය අවසන්

Mohamed Dilsad

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

Mohamed Dilsad

Leave a Comment