Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ මහ නගර සභ අයවැය මාලිමාව දිනයි

කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය දෙවන ඡන්ද විමසීම වැඩි ඡන්ද දෙකකින් ජයගැනීමට ජාතික ජන බලවේගය අද (31) සමත් වී ඇත. අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිවී ඇති අතර විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 56කි.

පසුගිය 22 වැනිදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය පළමුවැනි ඡන්දයේදී ඒම යෝජනාවලිය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්විය.

ඒදින අයවැය යෝජනාවලියට යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද 57ක් හා යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද 60ක් ලැබින.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ආරම්භයේ සිටම සංකීර්ණ මුහුණුවරක් ගත්තේය.

මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 119ක් වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ස්ථාවර බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය.

මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු පාර්ශවයකට 60 සීමාව (බහුතරය) ඉක්මවා යාමට නොහැකි වූ බැවින්, ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සියලු පාර්ශවයන්ට සිදු විය.

ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබුවේද අනෙකුත් පාර්ශව කිහිපයකින් සභිකයන් බාගනිමිනි.

Related posts

ඉන්ෆලුවෙන්සා රෝගයේ සීග්‍ර ව්‍යාප්තියක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

”විප්ලවයේ” අර්ථය තඹුත්තේගම දී ජනාධිපති පැහැදිලි කරයි.

Editor O

அநுராதபுரம் ஸாஹிரா கல்லூரியின் பிறையொளி பொன்விழா

Mohamed Dilsad

Leave a Comment