Trending Newsඑසැන පුවත්දේශීය

”විප්ලවයේ” අර්ථය තඹුත්තේගම දී ජනාධිපති පැහැදිලි කරයි.

(UTV | කොළඹ) –

”විප්ලවය” යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ ගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේ 13 වෙනිදා පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

“උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවද පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව ඉඩම් ඔප්පු 47ක් ප්‍රදානය කෙරිණ.

“රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සියල්ල තුළින් සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. මීට වඩා සමාජවාදයක් සහ විප්ලවයක් නැහැ. විප්ලව කියන්නේ මිනිස්සු මරා දැමීම, පන්සලේ සිටින ස්වාමීන්වහන්සේට වෙඩි තැබීම හෝ ගෙවල් ගිනි තැබීම නොවෙයි. මෙන්න නියම විප්ලවය. උරුමය වැඩසටහන හරහා මේ රටේ ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙම අයිතිය ලබාගෙන ආඩම්බරයෙන් ඉදිරියට යන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා. මෙය ඔබේ විමුක්තියයි. දැන් ඔබට නිලධාරින් පසුපස යාමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ දේශපාලනයෙන් තොරව ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.”

Related posts

நியுசிலாந்து – இலங்கை கிரிக்கெட் அணிகளுக்கிடையிலான பயிற்சிப் போட்டி

Mohamed Dilsad

18 வயதான யுவதி ஒருவரை கூட்டுப் பாலியல் வன்புணர்வு செய்த 3 பேரை கைது செய்ய விசாரணை ஆரம்பம்…

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறன்று உயிரிழந்தவர்களுக்காக விஷேட ஆராதனைகள்

Mohamed Dilsad

Leave a Comment