Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය කල්දැමීමට කිසිදු හැකියාවක් නැහැ – මහාචාර්ය ජී.එල්. පීරිස්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය කල්දැමීමට කිසිවෙකුටත් නොහැකි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගා ඇති බවත් රටේ සියලුම ප්‍රශ්න විසඳා ඇති බවත් ප්‍රකාශ කරන්නේ නම් මැතිවරණය පැවැත්වීම සඳහා බිය විය නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක දැකීමට අද (14) එම විහාරස්ථානයට ගිය ජීඑල් පීරිස් මහතා, මහනායක හිමියෝ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. රටේ දේශපාලන තත්ත්වය පිළිඳව ද මහනාහිමියෝ සමග සාකච්ඡා කළ අතර, ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව එහිදී අදහස් පළ කර තිබේ.

ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයා ලංකාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමි බැහැදක ආශිර්වාද ලබාගත් අතර මෙහිදී ද රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද  පිළිසඳරක නිරත විය.

පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පීරිස් මහතා පැවසුවේ ජනාධිපතිවරණය කල්දැමීම සඳහා කිසිදු පුද්ගලයකුට ඉඩක් නොමැති බවයි.

 

Related posts

සූකර උණ සංක්‍රමණයවීම පිළිබඳ සෞඛ්‍ය බළධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවගේ ගැටළු විසඳීමට දුරකථන අංක 3ක්

Mohamed Dilsad

மன்னார் எருக்கலம்பிட்டி, பாதைக்கு 18 கோடி ஒதுக்கீடு

Mohamed Dilsad

Leave a Comment