Trending News

සූකර උණ සංක්‍රමණයවීම පිළිබඳ සෞඛ්‍ය බළධාරීන් අවධානයෙන්

(උදයම්,කොළඹ)  – මාලදිවයිනේ පැතිර ඇති සූකර උණ පිළිබඳවත් H1N1  වෛරසය පිළිබඳවත් අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
අදාළ රෝගවාහකයන් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
මේ දිනවල මාලදිවයිනේ සූකර උණ රෝගය පැතිරීම හේතුවෙන් මාලදිවයින් රජයේ සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සංචාර සඳහා අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
මේ  සම්බන්ධයෙන් සිය අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයද ප්‍රකාශ කළේය.
මේ නිසා මාලදිවයින වෙත ගමන් කරන සහ එහි සිට පැමිණෙන ගුවන් යානා සඳහා බෝ වන රෝග වැළැක්වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එමෙන්ම මාලදිවයින වෙත සිදුකරන ගුවන් ගමන්වලදී ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය පවා මුහුණු ආවරණ පළදින අතර එම ආවරණ අවශ්‍ය  ඕනෑම මගියෙකුට සැපයීමට ද ගුවන් සේවය පියවර ගෙන ඇත.

Related posts

UNP to hold a protest march in Kandy today

Mohamed Dilsad

11 Arrested over election law violations

Mohamed Dilsad

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment