Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

හතරේ සීමා කුඩාවීම ඉන්දීය තරගාවලියට ප්‍රශ්නයක් නැහැ – චරිත් අසලංක

(UTV | කොළඹ) –

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී හයේ, හතරේ සීමා කුඩාවීම ඉන්දීය තරගාවලියට බලපෑමක් එල්ල නොකරන බව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමඟ ඊයේ (13) පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

“බලපෑමක් එයි කියලා හිතන්නේ නෑ. හතරේ සීමාව හුඟාක් පොඩි කියලා තේරෙන්නේ තණතිල්ල හොඳ නිසා. සාමාන්‍යයෙන් තණතිල්ල හොඳ වුණා ම, අපි ගහන බෝලේ ගොඩාක් දුර යනවා. ඒක බැට් එකේ හොඳම තැනට වැදුණාම වේගයෙන් යනවා. ගොඩාක් ජාත්‍යන්තර පිට්ටනිවල ඉන්දියාවේ ගත්තත්, බංගලාදේශයේ ගත්තත් ලයින්ස් තියෙන්නේ යාර 70න්. ලංකාවේ ගොඩාක් වෙලාවට ගහන්නේ යාර 70 – 75. ලොකු වෙනසක් දකින්නේ තණතිලි නිසයි. තණතිල්ල හොඳ වුණොත් යාර 75ට දැම්මත් ලොකු වෙනසක් වෙයි කියලා මම හිතන්නේ නෑ.”

Related posts

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

Mohamed Dilsad

இ. போ. ச ஊழியர்கள் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීමට පියවර

Mohamed Dilsad

Leave a Comment