දේශීය

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය අවසන්

(UTV | කොළඹ) – අද පෙරවරුවේ දුම්රිය එන්ජින් රියැදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය මේ මොහොතේ සිට අත්හිටවීමට පියවර ගෙන තිබේ.

දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස වර්ජනය අත්හිටවීමට තීරණය කළ බවය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් චීන සමාගමකට ලබා දීමට විරෝධය පළ කරමින් මෙලෙස ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කර තිබිණි.

ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර එම ගැටලුවට විසඳුම් ලබා දීමට එකඟවීම හේතුවෙන් වර්ජනය අත්හිටවීමට තීරණය කළ බව ඉන්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සජිත්ගේ පක්ෂ තනතුර ගැන තීන්දුවක්

Mohamed Dilsad

බීඩි බද්ද අඩු කෙරේ

Mohamed Dilsad

එජාපයේ තවත් 37 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment