විදෙස්

කොරෝනා වසංගතය පාලනය කර ඇතැයි කියුබාව පවසයි

(UTV |කොවිඩ් 19) – කොරෝනා වසංගතය මේ වන විට තම රට පාලනය කර ඇතැයි කියුබානු රජය සඳහන් කරයි.   

එබැවින් ලබන සතියේදී නිරෝධායන සීමා ළිහිල් කිරීමට පියවර ගන්නා බවද එරට රජය පවසයි.

කියුබාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2200 ට ආසන්න වන අතර , මරණ 83 ක් වාර්තා වී ඇත.

කෙසේවෙතත් නැවත වරක් වෛරසය ව්‍යප්ත වීමේ අවස්ථා පාලනය කිරීමට සියළු පියවර ගන්නා බව කියුබානු රජය අවධාරණය කරයි.

මීට අමතරව, ගතවු දෙසතිය පුරා දේශීය වශයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමුනොවූ බව තායිලන්තය පවසයි.

එහෙත් වෙනත් රටවලින් පැමිණි පිරිස් අතර ආසාදිතයින් 77 දෙනෙකු හමුවු බව තායි බලධාරීන් සඳහන් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇඳිරි නීතිය ඉවත් කරන්නැයි බලපෑම්

Mohamed Dilsad

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

Mohamed Dilsad

ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment