විදෙස්

කොරෝනා වසංගතය පාලනය කර ඇතැයි කියුබාව පවසයි

(UTV |කොවිඩ් 19) – කොරෝනා වසංගතය මේ වන විට තම රට පාලනය කර ඇතැයි කියුබානු රජය සඳහන් කරයි.   

එබැවින් ලබන සතියේදී නිරෝධායන සීමා ළිහිල් කිරීමට පියවර ගන්නා බවද එරට රජය පවසයි.

කියුබාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2200 ට ආසන්න වන අතර , මරණ 83 ක් වාර්තා වී ඇත.

කෙසේවෙතත් නැවත වරක් වෛරසය ව්‍යප්ත වීමේ අවස්ථා පාලනය කිරීමට සියළු පියවර ගන්නා බව කියුබානු රජය අවධාරණය කරයි.

මීට අමතරව, ගතවු දෙසතිය පුරා දේශීය වශයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමුනොවූ බව තායිලන්තය පවසයි.

එහෙත් වෙනත් රටවලින් පැමිණි පිරිස් අතර ආසාදිතයින් 77 දෙනෙකු හමුවු බව තායි බලධාරීන් සඳහන් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

නත්තල් තරුව බලන්න වසර 800 පසු අවස්ථාව

Mohamed Dilsad

ඉරානයේ ගැටුම් උග්‍රවෙයි | අන්තර්ජාලා සේවා විසන්ධි කරයි.

Editor O

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තායිලන්තය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment