විදෙස්

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තායිලන්තය අත්හිටුවයි

(UTV | තායිලන්තය) – වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට තායිලන්තය තීරණය කර ඇත.   

රුධිර කැටි ගැසීමේ සිදුවීම් කිහිපයක් ලොව පුරා වාර්තා වීම ඊට හේතු වී ඇති බව විදෙස වාර්තාවල සඳහන්.

තායිලන්තය අද සිට ඔක්ස්ෆර්ඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීමට නියමිත වු අතර එරට අග්‍රාමාත්‍යවරයා පළමු එන්නත ලබාගැනීමට නියමිතව සිටියා.

කෙසේවෙතත් මේ වනවිටත් 30,000 කට ආසන්න තායිලන්ත ජාතිකයන් පිරිසක් කොරෝනාවැක් නම් චීන එන්නත ලබාගෙන අවසන්.

මීට පෙර අවස්ථාවක ඔස්ට්‍රියාවද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව නවතා දමා තිබූ අතර ඊයේ දිනයේදී ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍ය්‍ය විසින්ද සිය එන්නත්කරණ කටයුතු සදහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව නවතා දමා දැමුවා.

කෙසේවෙතත් යුරෝපා සෞඛ්‍ය බළධාරීන් අවධාරණය කරන්නේ රුධිරය කැටි ගැසීම් හා ඇස්ට්‍රා සෙනෙකා එන්නත අතර කිසිදු සබඳතාවයක් නොමැති බවයි.

 

 

Related posts

ෂෝකෝ අසහාරාට මරණ දඬුවම්

Mohamed Dilsad

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment