දේශීය

O/L දරුවන්ට නිවසේ සිට ඉගෙන ගන්න ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

(UTV |කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටළු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි දුරකථන සන්නිවේදන ආයතන රැසක් හා තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන් මෙම පියවර ගෙන තිබේ.

දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය.

මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර , සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක.

එක් එක් විෂයයන් සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර , සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත.

Related posts

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

Mohamed Dilsad

සුවය ලැබූ අය 34000 ඉක්මවයි

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment