දේශීය

කළුතර නගරාධිපති අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කළුතර දකුණ පොලීසිය විසින් කළුතර නගරාධිපති අමීර් නසීර් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කළුතර ප්‍රදේශයේ වසා තිබු ක්‍රීඩාංගනයක ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙනි.

කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, එස්.ඒ.ඩී. නිලන්ත මහතා ද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පැවසුවේය.

පසුගිය ජූනි 23 වන දින මොවුන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක් ක්‍රීඩාංගනයට අනවසරයෙන් ඇතුළු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Related posts

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 417 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

ලංගම සේවකයන් හට විශේෂ දිරි දීමනාවක් ඉල්ලයි

Mohamed Dilsad

විවාහ උත්සව සඳහා අවසර නැතත් ලියාපදිංචියට තවදුරටත් අවසර

Mohamed Dilsad

Leave a Comment