Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක ට එරෙහිව, අර්චුනාගෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්…!

තම කතාවට බාධා කරමින් දින අටක් පුරා පාර්ලිමේන්තුවේදී මයික්‍රෆෝනය ක්‍රියා විරහිත කිරීම සහ මාධ්‍යයට වාරණයක් පැනවීම සම්බන්ධයෙන් කථානායකවරයාට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කරයි.

අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) සහ මේ වසරේ, ලබන 21 වනදා, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද මේ පිළිබඳව පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

මේ සම්බන්ධව වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, කිසිදු හේතුවක් නොමැතිව දින ගණනාවක් තිස්සේ තම කතාවට බාධා කිරීම බරපතල වරදක් බවයි.

එසේම, දින 78ක් පුරා තමාට පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාව නොලැබුණු බව ද ඔහු සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හඬ නැගීමට තමාට අවස්ථාව ලබා නොදීම, එම ජනතාවට සිදු කරන ලද බරපතල අසාධාරණයක් බව පෙන්වා දෙන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා, මෙම පැමිණිලි මගින් තමන් සාධාරණයක් බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

Related posts

75 சதவீதமான ஆடைத்துறை தயாரிப்புகள் பிரிட்டனுக்கு ஏற்றுமதி

Mohamed Dilsad

தாய்லாந்து மன்னர் தனது பாதுகாப்பு உத்தியோகத்தரை மணமுடித்து மகாராணியாக்கினார்-(PHOTOS)

Mohamed Dilsad

නවම් පෝය දිනය අද

Editor O

Leave a Comment