Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුව ට රතු එළි….!

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුවට, අද (13) දිනයේ, යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද (13) දිනයේ විධායක සභා රැස්වීමක් ද කැඳවීමට නියමිත බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේය.


කෙසේවෙතත් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුවේ මැදිහත් වීම සාධනීය තත්ත්වය පවතින බවට මෙහිදී ප්‍රකාශ කෙරුණු අතර, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුව මුල්කර ගනිමින් ඉකුත් සඳුදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණි. එහෙත් ගැටලුව විසඳීමට අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එය කල් දැමීමට පසුව තීරණය කෙරුණු බව වාර්තා විය.

Related posts

කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Vandalized Buddhist statue prompts Police investigation in Canada

Mohamed Dilsad

அதிவேக நெடுஞ்சாலையின் மீரிகம-குருநாகல் பகுதியின் 65 சதவீதமான நிர்மாணப் பணிகள் பூர்த்தி

Mohamed Dilsad

Leave a Comment