දේශීය

කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පවතින අර්බුදය ව්‍යවස්ථාට අනුව විසඳීමට මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන ලෙස කතානායක මහින්ද යාපා මහතා අද (6) සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ, අද දෙවන දිනට පාර්ලිමේන්තු විවාදය ආරම්භ වීමට පෙර ය.

ශ්‍රී ලංකාව මේ වන සිටින්නේ දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව එහිදී කතානායකවරයා පැවසීය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ,පවතින තත්ත්වය ඉතා උග්‍ර වීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන බව ය.

“අද මේ විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ, අප රට තුළ ඇති වු දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව සිහිගන්වමි. මෙය අර්බුදයක ආරම්භයක් ලෙස මම සඳහන් කරනුයේ, මා හට දැනෙනා ලෙසට මෙය තව ඉතා උග්‍ර වීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන නිසා ය.

අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා ඉදිරියේදී දරුණු ආහාර හිඟයක් ඉදිරියට ඇති විය හැකි බවට අනුමාන කරයි.

එය එසේ වන්නේ ද නැතිනම් එය යම්තාක් දුරටකට හෝ පාලනය කරගන්නේ ද යන්නේ තීරණය වනුයේ අප සියලු දෙනා මේ සතිය තුළ ක්‍රියාකරන ආකාරය මත යැයි මම විශ්වාස කරමි.”

Related posts

බුලත්සිංහල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

විදේශ රටවල, ශ්‍රී ලංකා දූත මණ්ඩල රාජකාරී සඳහා මාලිමා ආණ්ඩුවෙන් දේශපාලන පත්වීම් දීලා.

Editor O

සංචරණ සීමා ඉවතට: පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

Mohamed Dilsad

Leave a Comment