Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ රටවල, ශ්‍රී ලංකා දූත මණ්ඩල රාජකාරී සඳහා මාලිමා ආණ්ඩුවෙන් දේශපාලන පත්වීම් දීලා.

විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට, වත්මන් ආණ්ඩුවෙන් ලබාදෙන, දේශපාලන පත්වීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, වෘත්තිමයභාවයේ, කුසලතා මත පදනම්ව පත් කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීනතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන් හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී ඇතුළු ධුර රැසකට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකදි පත්කිරීම් සිදුකර ඇති බවය.

ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය වෘත්තිය ජීවිතය කැප කළ අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තිමය විදේශ සේවා නිලධාරීන් සොනලකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කළකිරීම පළ කරනු ඇති බවත් එහි සඳහන් ව ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවය යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කිරීමටත් විශේෂයෙන් පුහුණුව ලැබූ විශේෂිත සේවයක් බවත් දේශපාලන පත්වීම් වෙනුවෙන් එවන් වෘත්තිය රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන් නොසලකා හැරීම ආයතනික අවංකභාවය දුර්වල කිරීමක් වන අතරම රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වයද අනතුරේ හෙළිමක් බවද එම සංගමය පවසයි.

ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Related posts

Special traffic plan around Bauddhaloka Mawatha till Oct. 25

Mohamed Dilsad

Mushfiqur Rahim stars in Bangladesh’s 137-run win over Sri Lanka in Asia Cup

Mohamed Dilsad

සියලුම බන්ධනාගාර වලට අමුත්තන් පැමිණීම තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment