Trending Newsඑසැන පුවත්දේශීය

හොරණ නගර සභාව දින 14ක ට කල් තබයි.

හොරණ නගර සභාව දින 14කට කල් තබා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මීට හේතුව වී ඇතැයි සඳහන්.

මින් පෙර එම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් පසුගිය මස 01 වැනි දින සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නව මන්ත්‍රීවරයෙකු එම ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත් කර එවා ඇත. එකී නවක මන්ත්‍රී වරයා සහ ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයාද සභාව රැස්වීමට පැමිණ ඇත.

එහිදී ඉල්ලා අස්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර නැවත මන්ත්‍රීධුරය ඉල්ලා ඇත.

ඒ අනුව ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාව දින 14ක කාලයක් සඳහා කල් තබා ඇත.

Related posts

All State Universities closed until further notice

Mohamed Dilsad

හන්තානේ අතරමං වූ සිසුන් මුදා ගැනේ

Mohamed Dilsad

புகையிரத ஊழியர்களின் பணிப் புறக்கணிப்பால் 45 ரயில் சேவைகள் இரத்து

Mohamed Dilsad

Leave a Comment