දේශීය

හන්තානේ අතරමං වූ සිසුන් මුදා ගැනේ

හන්තාන කඳුවැටිට තරණය කිරීමට ගොස් අතරමං ව සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිස මුදාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

 

විශ්වවිද්‍යාල සිසුන් 181 දෙනෙකු ඊයේ (02) දිනයේ පේරාදෙණිය ප්‍රදේශයෙන් හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් ඇත.

 

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නැවත පැමිණීමේ දී සිසුන්ට මාර්ගය සොයාගැනීමට නොහැකි ව අතරමං ව සිටින බවට මහනුවර පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.

 

රාගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියන් 120 දෙනෙකු සහ සිසුන් 61 දෙනෙකු එලෙස අතරමං ව ඇත.

 

සිසුන් මුදාගැනීමට මහනුවර පොලීසියේ නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පොලීසිය සඳහන් කළේය.

Related posts

කතෝලික සභාවේ නිහඬ විරෝධතාවයක්

Mohamed Dilsad

ඊයේ ආසාධිතයන් 23 න් 25 ක් නාවිකයින්

Mohamed Dilsad

බන්ධනාගාර සෞඛ්‍ය සේවා (හිටපු) නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් බන්ධනාගාරගත කරයි

Editor O

Leave a Comment